hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 අගෝස්‍තු 01, ප.ව. 7:01


රත්නපුරයට ගංවතුර

රත්නපුරයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා කළු ගගේ ජල මට්ටම වැඩිවිමෙන් රත්නපුර නගරයේ කොටසක් ජලයෙන් යටවි තිබෙනවා.                                                                                        

රත්නපුර පොලීසිය ඉදිරිපිට රත්නපුර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ අඩි දෙකක් ජලයෙන් යට වී තිබෙනවා.   

අද (01) පස්වරු 5.00 පමණ වනවිට කළු ගගේ ජල මට්ටම මිටර් 8.5 තෙක් ඉහළ ගොස් තිබු බව කළු ගගේ රත්නපුර ජල මාපකයට අනුව සටහන්ව ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එය රත්නපුර නගරයට සුළු ගංවතුර තත්ත්වය ඉක්මවා යෑමක්.

රත්නපුර නගරය මහා ගංවතුර තත්ත්වයට ලක්වනුයේ කළු ගගේ ජල මට්ටම මිටර් 10.5 ඉක්මවා ගිය විටදියි.                   

ඊයේ පස්වරුව වන විට ශ්‍රිපාද අඩවියට මහාවැසි පතිත වෙමින් පැවති නිසා රත්නපුර නගරය මහා ගංවතුර අවදානමක ඇතැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යලයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.                                                           

වේ ගගේ ජල මට්ටම ද මිටර් 7 ඉක්මවා ගොස් තිබීම ද කළු ගගේ ජල මට්ටම වැඩිවිමට බලපානු ඇතැයි රත්නපුර වාරිමාර්ග කාර්‍යාලය පවසයි.                                                                                                     

රත්නපුර නගරයේ පැරණි පුද්ගලික බස් රථ ගාල තිබු ස්ථානය රත්නපුර නාගරික ක්‍රිඩා පිටිය, රත්නපුර මුවගම මාර්ගය , රත්නපුර බටුගෙදර, දිමියාව, දම්බුළුවන ප්‍රදේශවල පහත් බ්ම් රැසක් සහ අතුරු මාර්ග ගංවතුරෙන් යට වී තිබෙනවා.

රත්නපුර වේවැල්වත්ත මාර්ගයේ ස්ථාන කිපයකට පස් කදු කඩාවැටීමෙන් අවහිරව ඇතැයි ද රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

කළු ගං ද්‍රෝණියේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, ඇලපාත, කුරුවිට සහ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට ගංවතුර තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බැවින් එම පහත්බ්ම් වල පදිංචිකරුවන් ආරක්ෂිත පියවර ගන්නා ලෙස රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය දැනුම් දිමක් කර තිබෙනවා.

රත්නපුරය – කහවත්ත ලසන්ත නිරෝෂණ