hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූනි 23, ප.ව. 2:33


ඉන්ධන නිසා දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් – හමුදාව, පොලීසියත් මැදිහත් වෙයි

හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ලබා ගැනිමට පැමිණි දෙපාර්ශවයක් අතර ඇති වු දැඩි උණුසුම් තත්ත්වයක් පාලනය කිරිමට එම ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට සිටි යුධ හමුදා නිලධාරින්ට සහ පොලිස් නිලධාරින්ට දැඩි පරිශ්‍රමයක් දැරිමට සිදු වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

හැටන් නගරයේ ධාවනය කරවන ත්‍රිරෝද රථ රියදුරන් සහ හැටන් නගරයට පිටතින් ඉන්ධන ලබා ගැනිමට පැමිණි පිරිසක් අතර මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබෙනවා.

කොටගල , ආගරපතන , තලවකැලේ යන ප්‍රදේශවල සිට විශාල පිරිසක් පෙට්‍රල් ඉන්ධන ලබා ගැනිමට හැටන් නගරයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට පැමිණ පෝලිම් වල රැදි නොසිට ඉන්ධන ලබා ගැනිමට උත්සහ කරන බවත්, හැටන් නගරයේ කිසිදු වාහනයකට කොටගල, තලවකැලේ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනිමට එම පිරිස ඉඩ ලබා නොදිම හේතුකොට ගෙන මෙම උණුසුම් තත්ත්වය ඇති ව තිබෙනවා.

පසුව ආරක්ෂක අංශ නිලධාරින් උණුසුම් තත්ත්වය පාලනය කර ඉන්ධන ලබා ගැනිමට පෝලිමෙන් පිටත සිටි පිරිස පෝලිම් වල යවනු ලැබ තිබෙනවා.

හැටන් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට අද (23) පෙට්‍රල් ඉන්ධන ලිටර් 6600 ලැබි තිබෙනවා.