2023 ජූලි 01, පෙ.ව. 7:43
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.
නව සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇත.
ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 328ක්.
ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇත.
ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365ක්.
එසේම ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 346ක්.
ඔටෝ ඩීසල් රුපියල් 02කින් පහළ දමා ඇති අතර ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 308ක්.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42