hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 03, පෙ.ව. 8:48


තෙල් පෝලිම්වල මරණ ගණන වැඩිවෙයි! පුත්තලමේදී තවත් අයෙක් මරුට

ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයකු මිය යාමේ පුවතක් වාර්තා වනවා.

පුත්තලම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සිටි 63 හැවිරිදි අයෙකු අද (03) අලුයම මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

04 වැනිදා අළුයම 12.20 ට පමණ මෙම මරණය සිදුවී ඇති බව පොලීසිය පවසයි.

මිය ගොස් ඇති අය ලොරි රථයකට ඩීසල් ලබා ගැනීම සදහා පුත්තලම නගරයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් වෙත පැමිණ පෝලිමේ සිට තිබෙනවා.

ඔහු තම ලොරියේම සිට ඇති අතර, ලොරි රථය ඉදිරියට ගමන් නොකරන්නේ කුමන හේතුව එම ස්ථානයේ සිටි අය සොයා බලා තිබෙනවා.

ලොරි රථය තුළම ඔහු නිසොල්මන්ව සිටින ආකාරය අවට සිටි පිරිස එම අවස්ථාවේදී දැක තිබෙනවා.

පසුව ඔහුව කඩිනමින් පුත්තලම මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.ඒ වන විටත් එම අය මිය ගොස් සිට ඇති බව වෛද්‍යවරුන් පවසා තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.

පුත්තලම – ජූඩ් සමන්ත