2023 පෙබරවාරි 06, ප.ව. 3:00
අද(06) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් මිල ඉහළ දමන බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 5,280/=ක්.
එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2,112/=ක් වන බවයි ලාෆ්ස් ගෑස් සමාගම පවසන්නේ.
කිලෝ ග්‍රෑම් 2ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 8,45/=ක්.
2023 මාර්තු 28, ප.ව. 6:39
2023 මාර්තු 28, පෙ.ව. 10:53
2023 මාර්තු 27, ප.ව. 3:56
2023 මාර්තු 27, පෙ.ව. 11:08
2023 මාර්තු 26, ප.ව. 1:27