2022 මැයි 17, ප.ව. 5:30
ගෑස් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීම් සිදුකර ඇති බව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා පවසනවා.
ඒ අනුව ගෑස් මෙට්‍රික් ටොන් 2800ක තොගයක් සහිත නෞකාවෙන් ගෑස් ගොඩබෑම අද(17) රාත්‍රියේ සිට ආරම්භ කෙරෙන බවයි.
එමෙන්ම හෙට(18) සිට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර 80,000ක් බෙදාහරින බවද ලිට්‍රෝ සභාපතිවරයා ප්‍රකාශ කළා.