hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 18, ප.ව. 1:36


සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා යටතට

විදුලිබල සැපයීම, ඛනිජ තෙල්  සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝගයකට අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත්තේ ජනාධිපති ලේකම්වරයා විසින්.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධයෙන් වන සියලුම සේවා ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම රෝහල්වල සාත්තු නිවාසවල බෙහෙත්  ශාලා හා වෙනත් සමාන ආයතනවල රෝගී නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය පෝෂණය කිරීම,ප්‍රතිකාර කිරීම සම්බන්ධව  සියලු සේවා වැඩ හෝ ශ්‍රමය එලෙස අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරෙනු ඇති.

එම  සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කර ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යෑම සහ ඊට බාධා අවහිර ඇතිවීම වැළැක්වීම සඳහා යැයි  එම නිවේදනයේ දැක්වෙනවා.