hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 මැයි 27, ප.ව. 8:43


වැලිකඩ OICට මාරුවක්

රන්භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පොලිසිය අත්අඩංගුවට ගත් කාන්තාවක් මියයෑමේ සිද්ධියට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයාට තාවකාලික ස්ථාන මාරුවක් ලබාදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියේ වැලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයාව පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයට මාරු කර යවා ඇති බවයි.

පසුගිය 11 වනදා ආර්. රාජකුමාරි නම් කාන්තාවක් වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඇය සේවය කළ නිවසේ රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගත් දින රාත්‍රියේදී වැලිකඩ පොලිස් ස්ථානය තුළදී ඇය රෝගාතුරවී ඇති අතර, පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.

එහෙත් රෝහල් ගතකරන විටත් 42 හැවිරිදි එම කාන්තාව ජීවිතක්ෂයට පත්ව තිබුණා.