hit counter

2026 මැයි මස 31 වන ඉරිදා

2022 මැයි 06, ප.ව. 3:04


ගෝල්ෆේස් අරගලය ගැන කළ ඉල්ලීම සලකා බැලීමෙන් මහේස්ත්‍රාත්වරයා ඉවත් වෙයි

මේ වන විට (06) කොළඹ ගාලු මුවදොර ක්‍රීඩාංගණය ආශ්‍රිතව දින 28ක් පුරා ක්‍රියාත්මක වන ගෝඨාගෝගම අරගලකරුවන්ට එරෙහිව අධිකරණ වාරණයක් ලබා ගැනීම සඳහා කොටුව පොලිසිය සූදානම් වනවා.

මේ අනුව ගෝඨා ගෝ ගම අරගල භූමිය ආශ්‍රිතව ක්‍රියාත්මක වන පුද්ගලයින් විසි එක් දෙනකුට එදිරිව මෙම වාරණ නියෝගය ලබා ගැනීමටයි සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත් ගෝල්ෆේස් අරගලයට විරුද්ධව පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලීමෙන් තමන් ඉවත්වන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මීට ටික වේලවකට පෙර දැනුම් දුන් බව වාර්තා වනවා.