hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 31, ප.ව. 2:39


ගාල්ල උසාවියට ගිය දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කරයි

හික්කඩුව පටුවත ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු අද (31) වෙඩිතබා ඝාතනය කර ඇතැයි අප වාර්තාකරු පැවසුවා.

මෙසේ ඝාතනයට ලක්වූයේ හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28ක් වන ඉසුරු ප්‍රසන්න සහ “චූටි” නැමති අන්වර්ත නමකින් හදුන්වන අයෙකු බව හික්කඩුව පොලීසිය කියා සිටියා.

මියගිය දෙදෙනා මීට පෙර මිනිස් ඝාතනයක් සම්බන්ධව සැකකරුවන් බවත් ඔවුන් බන්ධනාගාර ගතව සිට මීට මාසයකට පමණ පෙර ඇප පිට පැමිණ ඇති බවත් පොලීසිය සඳහන් කළා.

මොවුන් දෙදෙනා අද දින ගාල්ල අධිකරණයට යතුරු පැදියකින් යන අතරතුර ඝාතනය කර ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය අයගේ මෘතදේහයන් ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් ඇති අතර හික්කඩුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

හික්කඩුව  බුද්ධික වීරසිංහ