hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 30, ප.ව. 3:42


හිරුණිකාට එරෙහි නඩුව ගැන මහාධිකරණය ගත් තීරණය

2015 වසරේ දෙමටගොඩ ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් රථයකින් තරුණයකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීමේ චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාග කරන දිනය නියම කිරීම සඳහා පෙබරවාරි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (30) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී  පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතිඥවරයා කල ඉල්ලීමකට අනුව නඩුව  පෙබරවාරි මස 28 වනදා කැඳවීමට නියම කළා.

එදින නඩුව විභාග කරන දිනය නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා.