hit counter

2024 ඔක්‍තෝබර් මස 16 වන බදාදා

2024 ඔක්‍තෝබර් 13, ප.ව. 5:34


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.

පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට ආසන සංවිධායකයන් නිසි ලෙස කටයුතු නොකිරීම බවට සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයකු චෝදනා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බැවින් මෙලෙස එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඇය පැවසුවාය.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: