hit counter

2024 අප්‍රේල් මස 24 වන බදාදා

2023 මාර්තු 20, ප.ව. 10:36


IMF අනුමැතිය හිමිවෙයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කෘතඥතාව පළ කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මූල්‍ය ආයතන සහ ණයහිමියන් සමඟ සිදුකරන සියලුම සාකච්ඡාවලදී පූර්ණ විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමටත්, විචක්ෂණ මූල්‍ය කළමනාකරණය සහ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයක් තුළින් තිරසාර ණය මට්ටමක් ළඟා කර ගැනීමටත් ජනාධිපතිවරයා කැප වී සිටින බව සඳහන්.

මෙම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා IMF වැඩසටහන ඉතා වැදගත් වන අතර එය ආයෝජකයින්, දක්ෂතා සහ සංචාරකයින් සඳහා ආකර්ශනීය රටක් බවට පත් කරමින් ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාවේ ස්ථාවරය වැඩිදියුණු කිරීමට උපකාරී වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.