hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 17, ප.ව. 7:33


IOC සමාගමත් ඉන්ධන මිල අඩු කරයි

ලංකා IOC සමාගම ද අද (17) රාත්‍රීයේ ඉන්ධන මිල ගණන් පහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රී 10.00 සිට ලංකා IOC ඉන්ධන මිල මෙලෙස පහත දැමෙනවා.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කෙරෙන අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 450ක් වෙනවා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් අඩුකිරීමට තීරණය කර ඇති අතර, ඒ අනුව එහි නව මිල රුපියල් 540ක් වෙනවා.

මීට අමතරව ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් අඩු කෙරෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 440ක් වෙනවා.

සුපර් ඩීසල් ඉන්ධන ලීටරයක මිල රුපියල් 10කින් අඩු කර තිබෙනවා.

එහි නව මිල රුපියල් 510ක් වෙනවා.