hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 24, ප.ව. 3:48


ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි ඇතුළු සිව් දෙනෙකුට ඇප

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රංගන ශිල්පී ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි සහ ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර යන පිරිස ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, එම පිරිස අද (24) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ජූනි මස 9 වනදා පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වෙමින් රජයේ දේපළවලට හානි සිදු කර පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පෑම හේතුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (24) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

එම චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ලහිරු වීරසේකර, රත්කරව්වේ ජිනරතන හිමි සහ රතිඳු සේනාරත්න (රැට්ටා) යන පුද්ගලයන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කර කර තිබෙනවා.