hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 පෙබරවාරි 16, ප.ව. 2:50


ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබේ

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ නිල කාර්යාලය මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලීසිය කටයුතු කර තිබෙනවා.

ඒ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අධිකරණ නියෝගයකට අනුවයි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිසක් පැමිණ අදාළ කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට උත්සාහ කරන බවට කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඒ අනුව කොල්ලුපිටිය පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකණයට කරුණු වාර්තා කර ලබාගත් අධිකරණ නියෝගයක් අනුව මෙලෙස අදාළ කාර්යාලයට මුද්‍රා තබා තිබෙනවා.

ජනක රත්නායක මහතා මේ වනවිට විදේශගතව සිටින අතර ඔහු නැවත මෙරටට පැමිණීමෙන් පසු අදාළ කාර්යාලය විවෘත කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.