hit counter

2026 ජූනි මස 03 වන බදාදා

2023 ජූලි 19, ප.ව. 4:55


ජනක රත්නායකගේ පෙත්සම් සඳහා නීතිපතිගෙන් විරෝධතා

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඇතුළු පිරිසක් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම්, විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික විරෝධතා මතු කර තිබෙනවා.

මෑතකදී ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කළ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර තිබුණා.

මෙම පෙත්සම් අද (19) ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.