hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 05, ප.ව. 2:47


ප්‍රියමාලිගේ සිද්ධියට අත්අඩංගුවට ගත් ජානකී සිරිවර්ධන රිමාන්ඩ්

තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචා සිදුවීම්වලට අදාළව අත්අඩංගුවට ගත් ක්‍රිෂ් කාල්ටන් සමාගමේ විධායක අධ්‍යක්ෂවරියක වන ජානකී සිරිවර්ධන එලඹෙන නොවැම්බර් 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කර තිබෙනවා.

ඇය ඊයේ (04) දහවල් කොළඹ කොටුවේ පිහිටි එම සමාගමේ කාර්යාලයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇයව අද අලුත්කඩේ අංක 3 අධිකරණය වෙත ඉදිරිපත් කළා.