hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 අප්‍රේල් 06, ප.ව. 2:09


ජොන්ස්ටන්ගේ නඩුවක් කල් යයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකට එරෙහිව පවරා ඇති නඩුවක් ලබන මැයි 10වනදා දක්වා කල් දැමීමට අධිකරණය අද (06) නියෝග කළා.

විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය සම්බන්ධයෙන් නියෝගයද එදින නිකුත් කරනු ඇති.

අභ්‍යන්තර වෙළඳ කටයුතු හා සමුපකාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ සතොස සේවකයන් පිරිසක් නිල රාජකාරිවලින් ඉවත් කර වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම ඇතුළු අධි චෝදනා යටතේ මෙම නඩුව පවරා ඇත්තේ.

සතොස හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු, සතොස හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ කාජා මොහිදීන් නඩුවට අදාළ සෙසු පිරිස වනවා.