hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 අගෝස්‍තු 04, ප.ව. 7:52


ජෝසෆ් ස්ටාලින් රිමාන්ඩ්

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබාදී ඇත්තේ.

ඊයේ (03) මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, පසුගිය මැයි 28 වන දා ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවක් අතරතුර අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන්.