2023 මැයි 10, ප.ව. 12:14
කළුතර ලැගුම්හලක ඉහළ මාලයකින් වැටී පාසල් සිසුවියක් මිය යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන 29 හැවිරිදි තරුණයා දින දෙකක් රඳවා ප්‍රශ්න කිරීමට අද (10) අධිකරණ පොලීසියට අවසර ලබා දී තිබෙනවා.
ඒ සැකකරු අද කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
කළුතර ලැගුම්හලක ඉහළ මහලෙන් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත් වුනේ පසුගිය 6 වනදායි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලීසිය ඊට අදාළව 19 හැවිරිදි තරුණියක් ඇතුළු තිදෙනෙක් පළමුව අත්අඩංගුවට ගනු ලැබුවා.
අනතුරුව පොලීසිය මඟහරිමින් සිටි ප්‍රධාන සැකකරු ඊයේ (09) අලුයම හික්කඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්තා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19