hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 20, ප.ව. 6:50


කංජිපානි ඉම්රාන්ට ඇප

පුද්ගලයන් ඝාතනය කිරීම හා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම් වැනි අපරාධ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රබල සාමාජිකයෙකු වූ ද පාතාල නායකයෙකු වූ ද කංජිපානි ඉම්රාන් හෙවත් මොහොමඩ් නජීම් ඉම්රාන් ඇප මත මුදා හැරියා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල අද (20) එම නියෝගය නිකුත් කළා.

කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරියෙකුට විමර්න කටයුත්තකදී දුරකතනයෙන් මරණීය තර්ජන කළේ යැයි කියන සිද්ධියකට අදාළව ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබු නඩුවකින් ද සැකකරු එලෙස රුපියල් ලක්ෂ 50 ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.

ඒ අනුව, සැකකරු සියලු නඩුවලින් ඇප මත මුදා හැර තිබෙනවා.