hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 23, ප.ව. 1:12


කෝටිපති කපුවා යළි රිමාන්ඩ්

පාසැල් ළමයින් පිරිසක් සමුහ වශයෙන්ද අපයෝජනයට ලක් කිරිම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂි බන්ධනාගරගත කොට සිටින උනවටුන දලවැල්ලේ සතර දේවාලයේ කපුවා තවදුරටත් ලබන මස 06 වැනි දින දක්වා බන්ධනාගරාගත කරන ලෙසට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍ර පීරිස් මහත්මිය  නියෝග කළා.

මේ පිළිබද වැඩිදුර විභාගය අද (23) පවත්වනු ලැබුවා.

මෙහිදි වැඩිදුරටත් උසාවිය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනය නිළධාරින් කියා සිටියේ මේ සදහා මුල් අවස්ථාවේදී මෙයට ගොදුරු වූ ළමයින් තුන් දෙනෙකු වූවද මේ වන විට තවත් ළමයින් 15 දෙනකු හදුන ගත් බවත් එයින් ළමයින් 05 දෙනෙකුගෙන් මේ වන විට කට උත්තර ලබා ගෙන ඇති බව වාර්තා වෙනවා.

මෙම සිද්ධියේ අනුවේදිත්වය වනුයේ මෙම සිද්ධියට ළමයින් සමූහ වශයෙන් යොදා ගැනීම බවත් මෙම සිද්ධියට ඉඩකඩ සැලසි ඇත්තේ විවිධ විද්‍යුත් මාධ්‍යන් විසින් මෙම සැකරුගේ තේවාවන් පිළිබදව කරනු ලැබු අභිප්‍රානයන්බව ද අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් උසාවිය වෙත පෙන්නා දී තිබෙනවා.

මෙම තත්වයට ගොදුරු වු ළමයින්ට බයිසිකල්, දුරකථන පවා ලබාදී ඇති අතර දෙමාපියන්ට පවා විශාල ලෙස  මුදල් පවා ලබා දි ඇති බව මෙම සැකකරු අධිකරණ වෛද්‍යවරයා හට පෙන්නු බවද එතුමාගේ නිර්දේශයක් වි ඇත්තේ මොහු මානසික රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට ඉදිරිපත් කරන ලෙස බවද අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරින් සදහන් කළා.

මොහු මුල්ලේරියා රෝහලේ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරිමටත් තවදුරටත් සැකකරුගෙන් කටඋත්තරයක් ලබා ගැනිම සදහා බන්ධනාගරා අධිකාරිවරයා දැනුවත් කොට එයට අවසර දෙන ලෙසත් විමර්ශන නිලධාරින් ඉල්ලා සිටියා.

මීට අමතරව සැකකරු විසින් මෙවැනි සිද්ධින්  සිදුකර ඇති ස්ථානයක් නිරික්ෂනය කිරිමට මෙම සැකකරු ද සම්බන්ධ කර ගැනිමට අවසර ලබා දෙන ලෙසටත් ඉල්ලා සිටියා.

මෙම සියළු ඉල්ලිම් සදහා අවශ්‍ය අවසරයන් ලබා දුන් මහේස්ත්‍රාත් පවිත්‍ර පිරිස් මහත්මිය සැකකරු ලබන මස හය වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළා.

ගාල්ල – ලලිත් චාමින්ද





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: