hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2022 ඔක්‍තෝබර් 24, පෙ.ව. 9:17


කාසල්රි ජලාශය වාන් දමයි

කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය අද (24) දින අලුයම සිට වාන් දැමීමට පටන්ගෙන ඇති බව ජලාශ භාර ඉංජිනේරුවන් පැවසුවා.

කාසල්රි ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග එම ජලාශයෙන් ජලය ලබාගෙන ජල විදුලි උත්පාදනය කරන විමලසුරේන්ද්‍ර, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය යන ජල විදුලි බලාගාරවල ජල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් සඳහන් කළා.

මස්කෙලිය මවුස්සාකැලේ ජලාශයේද අද (24) උදැසන සිට වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට තව දුරටත් තද වැසි ලැබෙමින් පවතිනවා.