hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 03, ප.ව. 3:09


කෙහෙළිය රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ (02) අත්අඩංගුවට ගත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාව අද (03) මාළිගාකන්ද අධිකරණය වෙත රැගෙනවිත් තිබූ අතර එහිදී මෙම නියෝගය නිකුත් කෙරුණි.

ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනෝග්ලොබියුලින් සිද්ධිය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් ඊයේ පැය 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගත්තා.