hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2024 මාර්තු 14, ප.ව. 6:31


කෙහෙළියට වැඩ වරදී – අධිකරණයෙන් නියෝගයක්.!

ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන් 4 දෙනෙකුට එරෙහි නඩුව අවසන් වන තෙක් ඇප ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අධිකරණය තීරණය කර තිබෙනවා.

කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නඩු විභාගය අවසන් වනතෙක් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අද (14) දින නියෝග කළා.