2022 නොවැම්‍බර් 29, පෙ.ව. 9:45
ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන් වන ලේකම් ලෙස සේවය කරමින් සිටි ඊ.කුෂාන් නැමැති පුද්ගලයා අද (29) අලුයම ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු සනාථ කළා.
මෙම ලේකම්වරයා ඕමානයේ ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික අඩන්තේට්ටම් කිරීම , ඒ සදහා පෙළඹවීම , ඒ සදහා බලපෑම් කිරීම , මිනිස් ජාවාරම් කිරීම , ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුළු තවත් දූෂණ චෝදනා රාශියකට වගඋත්තරකරුවෙකු වී සිටින පුද්ගලයෙක්.
මෙම ඊ.කුෂාන් අද (29) අලුයම 03.57 ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයා ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.
මේ වනවිට මෙම පුද්ගලයා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන මේ පිළිබඳව ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19