hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 20, පෙ.ව. 11:56


දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ, හල්දුමුල්ල ප්‍රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02කට අවධානාත්මක නිවේදන නිකුත් කර තිබෙනවා.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාවුල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 01ක යටතේ විමසිලිමත් වන්නැයි නිවේදනය කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, හෙට (21) පස්වරු 8.30 දක්වා එම අනතුරු ඇඟවීම වලංගු බවයි.