hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ජනවාරි 03, ප.ව. 4:52


මත්පැන්වල බදු ඉහළට

මත්පැන් සහ දුම්වැටි සඳහා පනවා ඇති බදු වැඩි කර තිබෙනවා.

ඒ අනුව අද (03) මධ්‍යම රාත්‍රියේ සිට සියලු වර්ගවල මත්පැන්, වයින්, බියර් වර්ගවල නිෂ්පාදන බද්ද 20% කින් ඉහළ නංවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

එහි දැක්වෙන්නේ ජනවාරි 01 වැනිදා සිට දුම්වැටි මත බද්ද 20% කින් වැඩි කර ඇති බවයි.