hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූනි 26, ප.ව. 1:33


ලිට්‍රෝ ගෑස් මිල ලබන මාසයේ යළි පහතට

ගෑස් මිල යළි පහත දැමීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව ලබන මාසයේ මුල් කාල සීමාවේදී මෙලෙස මිල ගණන් පහත දමන බවයි එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ.

මෙම මස 04වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කළ අතර ඒ අනුව එහි නව මිල සටහන් වූයේ රුපියල් 3,186ක් ලෙසයි.

මීට අමතරව කිලෝ 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 181කින් පහත දැමූ අතර එහි නව මිල 1,281ක්.

කිලෝ 2.3ක් ලෙස සටහන්ව තිබූ ලිට්‍රෝ කුඩා සිලින්ඩරයක මිල ද රුපියල් 83කින් පහත දැමූ අතර එහි නව මිල රුපියල් 598ක් වනවා.

ඒ අනුව ලබන මාසයේ ද ලිට්‍රෝ ගෑස් මිල අඩු වුවහොත් ආර්ථික අර්බුදයෙන් පසුව පිට පිට ගෑස් මිල අඩුවන හතරවන අවස්ථාව එය වීමද විශේෂත්වයක්.