hit counter

2026 මැයි මස 31 වන ඉරිදා

2022 මැයි 04, ප.ව. 3:30


මහරගම පොලීසිය ඉදිරිපිට විරෝධයක්

පාර්ලිමේන්තුව පිවිසුම් දොරටුව අසල අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් 12දෙනා මහරගම පොලිසිය වෙත රැගෙන ඒමෙන් අනතුරුව විශාල පිරිසක් මහරගම පොලිසිය ඉදිරිපිට පැමිණ විරෝධතාවයේ නිරත වන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මේ වන විට මහරගම පොලිසිය ඉදිරිපිට ආරක්ෂාව තර කර ඇති අතර අත්අඩංගුවට ගත් පුද්ගලයන් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.