hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2022 මැයි 04, ප.ව. 3:22


“මයිනාගෝගම” අරගලකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවයේ නිරත අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

අරලියගහ මන්දිරය ඉදිරිපිට මාර්ගය සහ පදික වේදිකාව මෙම අරගලකරුවන් හේතුවෙන් අවහිර වන බවට පොලීසිය කළ ඉල්ලීම සලකා මෙම නියෝග නිකුත් කර තිබෙනවා.

මේවන විට අදාළ අධිකරණ නියෝගය පොලීසිය විසින් විරෝධතාකරුවන්ට ප්‍රකාශ කර ඇති බව සඳහන්.