2023 පෙබරවාරි 23, ප.ව. 3:00
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ එම පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව කොළඹ දිසා අධිකරණය විසින් අද (23) වාරණ නියෝග 2 ක් නිකුත් කර තිබෙනවා.
කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගත ආකාරයට තමන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කිරීමට කටයුතු කර ඒ වෙනුවට වෙනත් පුද්ගලයකු පත් කිරීමට සූදානම් වන බවට ජා ඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන හසිත් චමීර පරණවිතාන සහ චාමිකා හර්ෂනී සිල්වා යන දෙදෙනා කොළඹ දිසා අධිකරණයේ පෙත්සම් ගොනු කර තිබුණා.
එම පෙත්සම් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගමගේ මහත්මිය විසින් මාර්තු මස 9 වනදා දක්වා බලපැවැත්වෙන පරිදි අදාල වාරණ නියෝග නිකුත් කර තිබෙනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19