hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 ජූනි 12, පෙ.ව. 11:47


මෛත්‍රීට එරෙහි වාරණ නියෝගය දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති, මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය මේ මස 19 වන දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළේය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් ගොනුකර තිබූ මෙම පැමිණිල්ල අද (12) කොළඹ දිසා අධිකරණය ඉදිරියේ යළි කැඳවනු ලැබීය.