hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 12, ප.ව. 4:35


මත්තල ගුවන් තොටුපළේ නිලධාරීනුත් සේවා වර්ජනයක

කටුනායක ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය ගනු ලැබූ සේවා අත්හිටුවීමේ තීරණය අනුව මත්තල ගුවන් තොටුපළේ නිලධාරීන්ද සේවා වර්ජනයක් ආරම්භ කර තිබෙන බව ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එමෙන්ම මේ වනතුරු කිසිදු ප්‍රභූවරයෙකු හෝ ඔවුන්ගේ කිසිදු අයෙකු ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර නොමැති බවයි එම සංගමය වැඩිදුරටත් පවසන්නේ.