hit counter

2024 මැයි මස 06 වන සඳුදා

2024 අප්‍රේල් 24, ප.ව. 6:55


හෙට සිට වහාම ක්‍රියාත්මක වන පරිදි කිරිපිටි මිල ගැන දැනුම්දීමක්

හෙට (25) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දමන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 250ත් 300ත් අතර මිලකින් පහළ දැමෙනු ඇති බව එම සංගමය පැවසුවා.

එමෙන්ම, ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බව ද එම සංගමය වැඩිදුරටත් කියා සිටියා.