hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජනවාරි 16, ප.ව. 6:17


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් සිසුන් අ.පො.ස උසස් පෙළ සඳහා විෂය ධාරා අනුව පන්තිවලට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් කරනු නොලබන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ මේ සඳහා චක්‍රලේඛන මගින් පාසල්වලට අවසර ලබා දී ඇති බවයි.

ඒ අනුව, තමන් පදිංචි ප්‍රදේශය තුළ අදාළ විෂය ධාරාව පවතින පාසලක් ලබා ගැනීමට එම ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මගින් කටයුතු කළ හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මීට අමතරව 2023 වර්ෂය සඳහා අතරමැද පන්තිවලට (1 – 6 හැර) ළමුන් ඇතුළත් කිරීමේ නව චක්‍රලේඛනය ද නිකුත් කිරීමට නියමිත අතර ඒ අනුව, 2023 ප්‍රථම වාරය ආරම්භ වන මාර්තු 27 වැනි දින වන විට ඒ සඳහා අයදුම් කිරීමටත් මෙම නිවේදනය මගින් දන්වා තිබෙනවා.

එතෙක් අතරමැද පන්ති සඳහා ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමට අමාත්‍යාංශය මගින් ලිපි නිකුත් නොකරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.