hit counter

2026 අප්‍රේල් මස 27 වන සඳුදා

2023 මාර්තු 31, ප.ව. 3:38


මිරිහානේ ආරක්ෂාව තර කෙරේ

මිරිහාන ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් යෙදවීමට කටයුතු කරන බව වාර්තා වනවා.

ඒ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි පුද්ගලික නිවස ඉදිරිපිටින් මීට වසරකට පෙර ආරම්භ වූ අරගලය සැමරීම සඳහා කණ්ඩායම් කටයුතු කරනවා යැයි ලැබුණු ආරංචියක් මතයි.

අවශ්‍ය වුවහොත් පොලිස් භට කණ්ඩායම්වලට අමතර ව එම ප්‍රදේශයට හමුදා ආරක්ෂක අංශ ද අනුයුක්ත කිරීමට සූදානමක් ඇති බවයි වාර්තා වන්නේ.