hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 23, ප.ව. 2:00


වෛද්‍යවරුන්ගේ දීමනාව ගෙවීම අත්හිටුවයි

වෛද්‍යවරුන්ගේ රාජකාරී බාධා, පැමිණසිටීමේ දීමනාව (DAT) ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇති බවට සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම දීමනාව ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබුණ ද අනුමත ප්‍රතිපාද සීමාව තුළ මහා භාණ්ඩාගාරය විසින් අක්මුදල් ලබාදීමට කටයුතු කර නොමැති බව දැනුම්දෙමින් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම තීරණය ගෙන තිබෙනවා.

ලිපියක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඒ අනුව භාණ්ඩාගාරය වෙතින් මෙම ගැටලුව නිරාකරණය කරගන්නා තෙක් වැඩිකරන ලද රුපියල් 35,000ක මුදල ගෙවීම තාවකාලිකව අත්හිටුවන ලෙසට සෞඛ්‍ය ලේකම්වරයා විසින් තමන්වෙත දැනුම්දී ඇති බවය.