hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2022 මැයි 09, ප.ව. 10:13


තවත් මැති ඇමතිවරු රැසකගේ නිවාස ගිනිබත් වෙයි

රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසට අද  සවස කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා.

එම නිවස ඉදිරිපිට මාර්ගයේ මේ වන විටත් විශාල ජනාතවක් එක්රොක් වී සිටිනවා.

මේ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන්ගේ නිවෙස්වලට ගිනි තබා තිබෙනවා.

ගිනි තැබීම හේතුවෙන් ප්‍රසන්න මහතාගේ නිවසෙහි නවතා තිබූ රථවාහන කිහිපයකටද හානි සිදුව තිබෙනවා.

ගම්පහ නගරාධිපතිවරයාගේ නිවසෙහි ඉදිරිපස කොටස සහ නිවස අසල පිහිටි ඔහුගේ කාර්යාලයේ ඉදිරිපිට  ගනිමින් තිබූ ආකාරයක් දක්නට ලැබුණා.

මේ අතර ප්‍රසන්න රණතුංග මහතාගේ ලේකම්වරයෙකුගේ සහ ප්‍රදේශයේ තවත් දේශපාලනඥයෙකුගේ නිවෙස්වලටද  ගිනි තබා ඇති බව දැනගන්නට ලැබෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ හොන්නන්තර පිහිටි නිවෙසට ද මීට සුළු මොහොතකට පෙර ගිනි තබා ඇතැයි වාර්තා වෙනවා.

එමෙන්ම අලව්ව මහරච්චිමුල්ල කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ, සැවැන්දන පිහිටි නිවසට ගිනි තබා තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරයා නිවසේ නොසිටි අතර ගිනි ගැනීමෙන් නිවසට දැඩි අලාභහානි සිදු ව තිබෙනවා.

එමෙන්ම උතුරු මැද පළාත් මහ ඇමැති මහීපාල හේරත් සහ ඔහුගේ පුත් අමාත්‍ය කනක හේරත් මහතාගේ නිවෙසට ද ගිනි තබා ඇතැයි ද වාර්තා වෙනවා.

ගින්නෙන් නිවෙස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ද වාර්තා වෙනවා.