hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 මැයි 12, ප.ව. 2:41


මුතියංගන පෙරහැර නවතා දමයි

වෙසක් පොහොය නිමිත්තෙන් පැවැත්වීමට සූදානම් කෙරුණු පෙරහැර නොපැවැත්වීමට තීරණය කල බව බදුල්ල මුතියංගන රාජමහා විහාරස්ථානයේ භාරකාර දුරන්දර අති පූජ්‍ය මුරුද්දෙණියේ ධම්මරතන හිමියන් පවසයි.

රටේ උද්ගතව ඇති තත්වයන් හමුවේ මෙම තීරණය ගත් බවත් පෙරහැර නොපැවැත්වුවද සීල ආගමික කටයුතු සිදු කෙරෙනා බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කර සිටියා.