hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 ජූලි 05, ප.ව. 1:28


නතාෂාට ලැබුණු අධිකරණ තීන්දුව

ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කළ බව කියන නතාෂා එදිරිසූරිය තවදුරට ත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අනුව, ඇය ජූලි 19 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (05) නියෝග කර තිබෙනවා.

“මෝඩාභිමානය” නමින් වැඩසටහනක් සංවිධානය කර එම වැඩසටහන අතරතුරදී බෞද්ධ ආගමට අපහාසයක් සිදුවන අයුරින් ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නතාෂා එදිරිසූරිය යන අයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

මේ අතර, ආගමික සහජීවනයට බාධා කළ හා බෞද්ධ ආගමට අපහාස වන ලෙස ප්‍රකාශ නිකුත් කළ බව කියන පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ද ජූලි 12වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.