hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූනි 18, ප.ව. 9:22


පොලිස් ගිනි අවියක් උදුරා ගැනීම නිසා නෙළුව උණුසුම් වෙයි

නෙළුව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකු එම ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ මොරවක ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් වන අතර ඔහුගේ සිරුර මේවන විට මැදගම රෝහලේ තැන්පත් කර තිබෙනවා.

නෙළුව ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් වැටලීමක් අතර මෙය සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළා.

අද (18) සවස නෙළුව පොලිසියට තොරතුරක් ලැබී තිබුණේ නගරයේ පාලු නිවසක පුද්ගලයන් කිහිප දෙනෙකු මත්ද්‍රව්‍ය ජාවාරමක නිරතවෙමින් මත්ද්‍රව්‍ය භාවිත කරන බවටයි.

ඒ අනුව පොලිසිය එම ස්ථානය වැටලීමට කටයුතු කර ඇති අතර එහි සිටි අයෙකු පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවිය උදුරා ගැනීමට උත්සාහ කර ඇතැයි සඳහන්.

මෙම අවස්ථාවේදී එය ක්‍රියාත්මක වීමෙන් අදාළ සැකකරුට වෙඩි වැදී ඇති බවයි පොලිසිය කියාසිටියේ.