hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2022 ජූලි 06, ප.ව. 12:41


නිමල් සිරිපාල ද සිල්වා ධූරයෙන් ඉවත් වෙයි

ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමග සිදු කළ ගනුදෙනුවක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ඊයේ (05) පාර්ලිමේන්තුවේ දී නැගු චෝදනාව සම්බන්ධයෙන් වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර තිබෙනවා.

පරීක්ෂණ කටයුතු නිමවන තෙක් ජනාධිපතිවරයාගේ උපදෙස් මත වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වීමට නිමල් සිරිපාල ද සිල්වා මහතා කටයුතු කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.

මේ අතර  වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා නිදහස් හා ස්වාධීන පරීක්ෂණයකට ඉඩ සලසමින් අමාත්‍ය ධූරයෙන් වහාම ඉවත් වන බව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දන්වා තිබෙනවා.