2022 ඔක්තෝබර් 01, ප.ව. 8:42
අක්‍රිය වූ නොරොච්චෝලේ බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රය යථාතත්වයට පත් කර මේ වන විට යළි ජාතික විදුලි බල පද්ධතියට එක්කර තිබෙනවා.
ඒ අනුව, එය පූර්ණ ධාරිතාවයෙන් පද්ධතියට එක් කර ඇති අතර 1 වන ජනන යන්ත්‍රය ද ක්‍රියාත්මක වෙනවා.
නොරොච්චෝලේ බලාගාරයේ 2 වන ජනන යන්ත්‍රයේ සාමාන්‍ය අලුත්වැඩියා නඩත්තු කටයුත්තක් සිදු කෙරෙන අතර ඔක්තෝබර් මස මැද භාගයේදී එය අවසන් කිරීමට අපේක්ෂා කෙරෙනවා.
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ තෙවන ජනන යන්ත්‍රයේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් එහි විදුලි උත්පාදන කටයුතු සැප්. 26 වන දා රාත්‍රියේ සිට ඇන හිට තිබුණා.
ඒ, එම ජනන යන්ත්‍රයේ බොයිලේරුවට ජලය සපයන නළයක ඇතිවූ කාන්දුවක් හේතුවෙන්.
ඒ හේතුවෙන් දෛනික විදුලි කප්පාදු වේලාව ද දීර්ඝ කිරීමට සිදු වූ අතර දිනකට පැය 3කට ආසන්න කාල සීමාවක් විදුලිය විසන්ධි කෙරුණා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
25-03-26
25-03-26
07-03-26
07-03-26
28-08-25
28-08-25
27-09-22
27-09-22
27-08-22
27-08-22