hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 මාර්තු 19, ප.ව. 1:34


නොරොච්චෝලේ බිඳවැටීමෙන් යළි විදුලි කප්පාදුවක්ද?

නොරොච්චෝලේ බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ එලෙස අක්‍රිය වී ඇත්තේ අප්‍රේල් මාසයේ දී අලුත්වැඩියා කිරීමට නියමිතව තිබූ ජනන යන්ත්‍රයක් බවයි.

කෙසේවෙතත් ලංකා විදුලි බල මණ්ඩලයේ දැනට පවතින ඩීසල් සහ දැවිතෙල් භාවිතයෙන් විදුලිය උත්පාදනය කරන විදුලිබලාගාර හරහා අඛණ්ඩව විදුලිය සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි.