2023 පෙබරවාරි 15, පෙ.ව. 9:41
අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂන චෝදනා විමර්ෂන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගනු ලැබූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති නොයෙල් දසන්ත ස්ටීවන් මහතා ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (14) නිකුත් කර ඇත්තේ එම ධුරයේ කටයුතු කිරීම සඳහා එහි උප සභාපතිවරයාට බලය පවරමින්.
ඊට අමතරව රාජකාරී කටයුතු කිරීමේ දී සභාපතිවරයා වැරදි සිදු කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා විශ්‍රාමික මහධිකරණ විනිසුරු රෝහණ අනුර කුමාර මහතා පත් කර තිබෙනවා.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19