hit counter

2026 ජූලි මස 29 වන බදාදා

2022 ජූනි 28, ප.ව. 6:52


රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් සීමා කෙරේ

පවතින තත්ත්වය හේතුවෙන් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවාවන් (ඉඩම් සහ උප්පැන්න, මරණ සහ විවාහ සහතික පිටපත්) එහි සියලුම ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් කාර්යාල හරහා සඳුදා සහ බදාදා පෙ.ව. 8.30 සිට පස්වරු 4.30 දක්වා සීමා කෙරෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. 

මේ අතර බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව 2022 ජුලි 29 වනදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර ඇත්තේ.