hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2023 අප්‍රේල් 30, ප.ව. 10:04


ඉන්ධන මිල පහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 7 කින්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රුපියල් 10 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15 කින්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක් රැපියල් 135 කින් අඩු කෙරෙනු ඇති.

එමෙන්ම ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 333ක් ද ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 365ක් වන අතර ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 310ක් ද, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 ලීටරයක නව මිල රුපියල් 330 ක් ලෙසයි සංශෝධනය කර ඇත්තේ.

ලංකා භූමිතෙල් හා ලංකා කාර්මික භූමිතෙල් යන ඉන්ධන වර්ගයන්හී මිල ගණන් වෙනසක් සිදු නොවන බවයි  විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පැවසුවේ.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 295 ක් සහ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක මිල රුපියල් 330ක් වශයෙන් වෙනස් සිදු නොවන බව සඳහන්.