hit counter

2023 සැප්‍තැම්‍බර් මස 28 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 31, ප.ව. 9:36


ඉන්ධන මිල වෙනස් වෙයි

2023 මැයි මස 31 වන දින මධ්‍යම රාත්‍රී 12.00 සිට ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක් රුපියල් 15කින් අඩු කර තිබෙනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක නව මිල රුපියල් 318 වනවා.

ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් රැපියල් 20 කින් මිළ ඉහල යනු ලබනවා.

ඒ අනුව ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 ලීටරයක් නව මිල රැපියල් 385ක් වනවා.

ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක් රුපියල් 10කින් මිල ඉහල යනු ඇති.

ඒ අනුව ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යුරෝ 4 ලීටරයක නව මිල රැපියල් 340 ක් වනවා.

ලංකා භූමිතෙල් ලීටරයක් රැපියල් 50කින් අඩු කෙරෙනු ඇති.

ඒ අනුව ලංකා භූමිතෙල් ලීටරයක නව මිල රැපියල් 245ක් වනවා.

ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක් රැපියල් 60කින් අඩු කෙරෙනු ඇති.

ඒ අනුව ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රැපියල් 270 ක් වනවා.